මිහිදන් කළ තරුණියගේ සිරුර ගොඩ ගෙන නිරුවත් කරලා


බණ්ඩාරවල මදුවැල්පතන බදුල්ගස් තැන්න ප්‍රදේශයේ නිව්මෝනියා තත්ත්වයෙන් මීට දින තුනකට පෙර මියගිය 25 හැවිරිදි  තරුණියකගේ මිහිදන් කළ  සිරුර ගොඩගෙන නිරුවත් කර දමා  ඇති බවට මියගිය තරුණියගේ පියා අද (07) පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වන බව බණ්ඩාරවල මූලස්ථාන පොලිසිය පැවසීය.

මියගොස් මෙසේ  මිහිදන් කර  තිබුනේ රශ්මිකා නදීෂානි නැමැති බදුලුගස්තැන්න මදුවල් පතන පදිංචිව සිටි 25 හැවිරිදි  තරුණියකි.

මියගිය තරුණියගේ පියා  දානමය පුණ්‍ය කර්මය සිදුකිරීමට පෙර  සොහොන  පරීක්ෂා කිරීමට ගොස් ඇති අතර එහිදී කිසිවෙකු හෝ කණ්ඩායමක් මෙම සිරුර ගොඩගෙන නිරුවත් කර තිබෙනු දැක  පොලිසියට පැමිණිලි කර තිබේ.
බණ්ඩාරවල මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වයි.



Recommended Articles